

ජාතික මහ ක්‍රීඩා උළෙලේ ‘මැරතන් ජය’ මුත්තුසාමි සහ වේලු ක්‍රිෂාන්තිනීට
46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයේ රන් පදක්කම දිනා ගැනීමට 31 හැවිරිදි මුත්තුසාමි සිවරාජන් සමත් වුණා.
කතරගම දී නිමාවට පත්වූ මැරතන් තරගය පැය 2 යි, විනාඩි 29 තත්පර 29 කට නිමකරමින් මුත්තුසාමි ජය ලබා ගත්තා.
සිවරාජන් මධ්‍යම පළාත නියෝජනය කරමින් රන් පදක්කම දිනාගත් අතර මැරතන් කාන්තා තරගයේ රන් පදක්කම දිනා ගත්තේ ද මධ්‍යම පළාත නියෝජනය කළ 33 හැවිරිදි විවාහක ක්‍රීඩිකාවකි. ඇය පළපුරුදු දිගු දුර ධාවන ශූරියක් වන වේලු ක්‍රිෂාන්තිනි.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම් ජානක වර්ණසිංහ මහතාගේ සහභාගිත්වයෙන් මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් තරග පැවැත්වුණා.
පිරිමි තරගයේ ප්‍රතිඵල
1 මුත්තුසාමි සිවරාජන් (මධ්‍යම – පැය 2 විනාඩි 29 තත්පර 29)
2 තිස්ස ගුණසේකර (බස්නාහිර – 2.32.14)
3 ඩබ්.එම්. සිසිර කුමාර (වයඹ – 2.33.45)
4 මිලාන් සඳරුවන් (බස්නාහිර – 2.35.28)
5 අසේල බණ්ඩාර (මධ්‍යම – 2.35.44)
6 ශාන්ත කරුණාරත්න (සබරගමුව – 2.38.10)
7 නිෂාන් මධුරංග (වයඹ – 2.40.07)
8 එන්.පී. සෂේන් (බස්නාහිර – 2.40.27)
9 රෝහිත බණ්ඩාර (වයඹ – 2.40.55)
10 ප්‍රදීප් විජේරත්න (උතුරුමැද – 2.42.26)
කාන්තා තරගයේ ප්‍රතිඵල
1. වේලු ක්‍රිෂාන්තිනි (මධ්‍යම – පැය 2. විනාඩි 55 තත්පර 30)
2 වත්සලා හේරත් (මධ්‍යම – 2.57.15)
3 දිල්හානි ලියනගේ (සබරගමුව – 3.00.19)
4 නිසංසලා බණ්ඩාර (සබරමුව – 3.04.45)
5 මධුමාලි පෙරේරා (බස්නාහිර – 3.07.02)
6 එච්.වී.සී. දමයන්ති (සබරගමුව – 3.12.31)
7 කුමාරි ප්‍රනාන්දු (බස්නාහිර – 3.20.20)
8 එස්. හේමාප්‍රිය (නැගෙනහිර – 3.40.00)
9 එම්.එච්.එම්. ද සිල්වා (සබරගමුව – 4.04.46)
10 එස්.ඩී. හේමන්ති (බස්නාහිර – 4.06.00)