

සූවස් ඇළ මාර්ගයේ සිරවී තිඛෙන භාණ්ඩ රැගත් නෞකා සංඛ්‍යාව 320 දක්වා ඉහළට (Video)
දැවැන්ත බහාලූම් නෞකාවක් සූවස් ඇළ මාර්ගය හරස් කරමින් සිරවීමට හේතුව පැවැති අයහපත් කාලගුණ තත්ත්වය පමණක් නොව නෞකාවේ තාක්ෂණික දෝෂද බලපාන්නට ඇතැයි විශ්වාස කරන බව ඊජිප්තු බලධාරීන් දැනුම්දී තිඛෙනවා.
මේ අතර, මෙම සිද්ධියත් සමඟ සූවස් ඇළ මාර්ගයේ සිරවී තිඛෙන භාණ්ඩ රැගත් නෞකා සංඛ්‍යාව 320 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ආසියාවත්, යුරෝපයත් යා කෙරෙන කෙටිම නෞකා ගමන් මාර්ගය ලෙසින් සැලකෙන සූවස් ඇළ මාර්ගයේ බහාලූම් නෞකාවක් අනතුරට පත්වී අදට දින 06 ක් ගත වී ඇතත්, තවමත් නෞකාව ස්ථාන ගත කිරීමට බලධාරීන් සමත් වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. සූවස් ඇළ මාර්ගයේ සිර වී තිඛෙන මෙම බහාලූම් නෞකාව නැවතත් දියඹට යැවීම සඳහා ජපාන මෙන්ම නෙදර්ලන්ත නාවික විශේෂඥයින් සිය පූර්ණ සහයෝගය ලබා දී ඇති අතර අමෙරිකාව ද සිය සහය ලබා දීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගෙවුණු දින කිහිපයේ සිට මේ දක්වා තවදුරටත් නෞකාව සිර වී තිඛෙන ඇල ඉවුර ආශ්‍රිතව වැලි ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින අතර, ටග් යාත්‍රා 14ක්ද යොදා ගනිමින් නෞකාව ඇළ මාර්ගය වෙත යැවීමටත් තවත් පසෙකින් උත්සාහ කරමින් සිටින බව ඊජිප්තු බලධාරීන් පවසනවා. මීට අමතරව අනතුරට පත් මෙම නෞකාවේ භාණ්ඩ නොමැති විට බර රඳවා ගැනීම වෙනුවෙන් පුරවා තිබූ ජලය ටොන් 9000ක් පමණ ඉවත් කිරීමටත් ඊයේ පියවර ගෙන තිබුණා.
මේ සියලූ උත්සාහයන් අසාර්ථක වන්නේ නම් නෞකාවේ බහාලූම් ඉවත් කර එය සැහැල්ලූ කිරීමටද කටයුතු කරන බවයි ඊජිප්තු බලධාරීන් පවසන්නේ. මේ අතර සූවස් ඇළ මාර්ගය හරහා ගමන් කිරීමේ අපේක්ෂාවෙන් පෙළ ගැසී සිටින භාණ්ඩ රැගත් නෞකා සංඛ්‍යාව 320 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඒවායින් බහුතරයක සත්ත්වයින් ද ප්‍රවාහනය කෙරෙන බැවින් නෞකාව මුදා ගැනීමට දිගු කලක් ගතවුවහොත් ඔවුන් මියයාමේ අවදානමක් ද මතු විය හැකි බව ඇතැම් විදෙස් මාධ්‍ය පවසනවා.
මේ අතර, මෙම නෞකාව අනතුරකට ලක්වූයේ දරුණු සුළං සහ වැලි කුණාටු තත්ත්වයක් හේතුවෙන් බව මීට පෙර අදාළ බලධාරීන් දැනුම්දී තිබුණ ද ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඊජිප්තු බලධාරීන් සඳහන් කළේ අනතුරට ප්‍රධාන හේතුව පැවැති අයහපත් කාලගුණ තත්ත්වය නොවන බවයි.
මෙම අනතුර සඳහා අදාළ නෞකාවේ තාකෂණික හෝ මානව දෝෂ යම් බලපෑමක් සිදු කර ඇති බවට විශ්වාස කළ හැකි බව ඊජිප්තු බලධාරීන් එහි දී පෙන්වා දී තිබෙනවා.
මේ අතර, සූවස් ඇළ මාර්ගය හරහා ඉන්ධන රැගත් නෞකා ප්‍රවාහනයට බාධා එල්ල වීමත් සමඟ ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇති හෙයින් ලොව බොහෝ රවවලට මෙම තත්ත්වය බලපෑමක් එක් කරනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.