ශී‍්‍ර ලංකා -කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය අද

ශී‍්‍ර ලංකා -කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය අද

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කි‍්‍රයාත්මක තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි සහ අවසන් තරගය අද (29 වැනිදා) ආරම්භවීමට නියමිතයි

ඒ අනුව එය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිත අතර දෙරට අතර පැවැති පළමු තරගය ජය පරාජයකින් තොරව අවසන්වීම මත තරගාවලිය ජය ගැනීමට නම් අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම වැදගත් වනු ඇති

අද තරගය කී‍්‍රඩා කිරීමට නියමිත ශී‍්‍ර ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, ඕෂධ ප‍්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් ඇඹුල්දෙණිය, විශ්ව ප‍්‍රනාන්දු

කොදෙව් සංචිතය – කේ‍්‍රග් බ‍්‍රත්වේට් (නායක), ජොන් කැම්බෙල්, නක්රුමා බොන්නේර්, කයිල් මාර්ස්, ජර්මේන් බ්ලැක්වූඞ්, ජේසන් හෝල්ඩර්, ජෝසුවා ද සිල්වා, අල්සාරි ජෝසප්, රකීම් කොන්වෙල්, කැමර් රෝච්, ෂැනොන් ගේබි‍්‍රයල්

Share This