තිසරගෙන් හයේ පහරවල් 6ක් (Video)

තිසරගෙන් හයේ පහරවල් 6ක් (Video)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඊයේ (28) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලියේදී පන්දුවාරයකට හයේ පහර 6 ක් එල්ල කිරීමට යුද හමුදා ක්‍රීඩා සමාජයේ තිසර පෙරේරා සමත් වුනා.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී එම දක්ෂතාවය දැක්වීමට තිසර සමත්වීමත් සමඟ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගයකදී එවැනි දස්කමක් දක්වන ලද පළමු ක්‍රීඩකයා ලෙසින් වාර්තා පොත් අතරට එක්වනවා.

පළමු පෙළ පිටියේදී එකම පන්දුවාරයකදී හයේ පහර 6 ක් එල්ල කළ ලොව 9 වැනි ක්‍රීඩකයා ලෙසින් තිසරගේ නම වාර්තා පොත් අතරට එක් වනවා.

Share This