

සැමියා සහ බිරිඳ එක්ව දෙව්මැදුරට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන හෙළි වූ තොරතුරු
පසුගිය ඉරිදා දින(29) ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉරිදා “සුලවේසි දූපතේ මාකසාර් හි පිහිටි ජේසු ආසන දෙව්මැදුරේ පූජනීය හදවතට පහර දුන් පිරිමි මරාගෙන මැරෙන බෝම්බකරු” මීට පෙර අත්අඩංගුවට ගැනීමක් හේතුවෙන් දැනටමත් හඳුනාගෙන ඇති බව ඉන්දුනීසියානු පොලිසිය පවසනවා.
“අදාළ පුද්ගලයා මීට කලකට පෙර අප අත්අඩංගුවට ගත් අපරාධකරුවන් කිහිප දෙනෙකුගේ කණ්ඩායමක ප්‍රබල සාමාජිකයෙක් වන අතර මෙම කණ්ඩායම පිලිපීනයේ ජොලෝ හි මෙහෙයුම් සිදු කළ කණ්ඩායම්වල කොටසක් හෝ ඊට සම්බන්ධයි ”යනුවෙන් ජාතික ඉන්දුනීසියානු පොලිස් ප්‍රධානී ලිස්ටියෝ සිගිට් ප්‍රබෝවෝ මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා තිබෙනවා.
හඳුනාගත් අපරාධකරු තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණ සිදු කරන බවටද දන්වා තිබෙනවා.මෙම ප්‍රහාරකයාත් සමඟ ඊට සම්බන්ධ වෙමින් මිය ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ වන අතර මොවුන් විවාහ වී මාස 7ක් වැනි කෙටි කාලයක් ගත වී ඇති බවත් වාර්තා වනවා.
මෙම වසරේ ජනවාරියේදී ඉන්දුනීසියාවේ ප්‍රහාර සැලසුම් කිරීමට සැකපිට ජැඩ් නම් සාමාජිකයන් 20 දෙනෙකු මාකස්සාර්හිදී අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් අයි.එස්.අයි.එස් කණ්ඩායමට අනුබද්ධ බවට තහවුරු වී තිබෙනවා.
ඒ අනුව එම කණ්ඩායමේ සාමාජිකයෙක් විසින් ගිය ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කරන්නට ඇති බවත් පැවසෙනවා.
ප්‍රහාරකයා අත්අඩංගුවේ සිට නිදහස් වී ඇත්ද නැතිනම් ජනවාරියේ අත්අඩංගුවට පත් වූ ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ වෙනත් පුද්ගලයෙක්ද යන්න පිළිබඳව මේ වන තෙක් කරුණු තහවුරු වී නැහැ.
Pastor dari Gereja Katedral Makassar Wilhelmus Tulak menjelaskan kronologi ledakan yang terjadi di gerejanya, Minggu (28/3). Menurut Wlihelmus, Ketika umat misa kedua pulang dan yang lain masuk, datanglah pelaku bom bunuh diri menggunakan motor hendak masuk ke halaman gereja. pic.twitter.com/NEUobiUPE6
— KOMPAS TV (@KompasTV) March 28, 2021
Update – මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ දෙදෙනෙක්
ඉන්දුනීසියාව බිය ගන්වමින් කතෝලික පල්ලියකට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් (VIDEO)