

ප්‍රංශය යළිත් ලොක්ඩවුන්
ජාතික වශයෙන් සිදුකරන නව ලොක්ඩවුන් ක්රියාමාර්ගයකින් තොරව කොවිඩ්-19 ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රංශයේ පාලනය ගිලිහී යා හැකි බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ජාතිය අමතමින් සඳහන් කර තිබෙනවා.
රටේ ප්‍රදේශ 19ක දැනටමත් ක්‍රියාත්මක කර ඇති කලාපීය වශයෙන් පනවා ඇති සීමාවන් සති හතරක් පුරා සමස්ත රට වෙතම ක්‍රියත්මක කරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව මෙම අගුලු දැමීම යටතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ගෘහස්ථ සංචරණ සීමාවන අතර නිවසේ සිට වැඩකිරීමට සුදානම් වන ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. නව අගුළු දැමීමේ පියවර අප්‍රේල් 3දා ආරම්භ වන අතර එය මැයි 2 දක්වා පවතිනු ඇත.
මැක්රොන් පැවසුවේ නව එක්සත් රාජධානියේ වෛරස ප්‍රභේදය වසංගතයක් තුළ වසංගතයක් නිර්මාණය කර ඇති බවය. එය වඩාත් බෝවන හා මාරාන්තික ප්‍රභේදයක් බවද ඔහු සඳහන් කර තිබෙනවා.