

කොවිඩ් වැළඳුනු ‘සචින්ව’ රෝහල් ගත කරයි
ඉන්දිය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
කොවිඩ් රෝගය වැළඳී සිටින ඔහුගේ තත්ත්වය අසතුටුදායක මට්ටමක පවතින නිසා රෝහල් ගත කර ඇති බවටයි එම වාර්තා මගින් සඳහන් වන්නේ.
වෛද්‍ය උපදෙස් අනුව රෝහල්ගතවන අතර දින කිහිපයකින් නිවස වෙත යාමට හැකි බවත් සචින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙනවා.