ජීවිත 50ක් බිලි ගත් තායිවාන දුම්රිය අනතුරට වග  කිවයුතු අය හඳුනා ගැනේ

ජීවිත 50ක් බිලි ගත් තායිවාන දුම්රිය අනතුරට වග කිවයුතු අය හඳුනා ගැනේ

නැගෙනහිර තායිවානයේ හුආලියන් ප්‍රාන්තයේ පුද්ගල ජීවිත 50ක් අහිමි කරමින් දුම්රියක් පීලිපැනීමෙන් සිදුවූ අනතුරට වගකිව යුතු යැයි විශ්වාස කෙරෙන ඉදිකිරීම් සමාගමක කළමනාකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

උමං මාර්ගයක් තතුළ සිදු වූ මෙම අනතුරින් මියගිය අය අතර දුම්රියේ රියදුරන් දෙදෙනෙකු ඇතුළු මගීන් 48 දෙනෙකු සිටින බව මේ වනවිට තහවුරු කර ගෙන තිබෙන අතර තවත් 100කට වැඩි පිරිසකට තුවාලයි.

සැකකාර කළමනාකාරවරයාගේ මෝටර් රථය කඳු බෑවුමක සිට උමං මාර්ගය අඩක් පසු කරමින් සිටි දුම්රිය වෙතට පෙරළීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

Share This