

සූවස් ඇළේ සිරවූ නැවෙන් ඩොලර් බිලියනයක් වන්දි ඉල්ලයි
ඊජිප්තුවේ සූවස් ඇළ අධිකාරිය විසින් පසුගිය සතියේ එම ඇළ මාර්ගය අවහිර කරමින් සිරවූ යෝධ බහාලුම් නෞකාවක් වූ එවර් ගිවන් වෙතින් ඩොලර් බිලියනයක් ඉක්මවූ වන්දියක් ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම දැවැන්ත නෞකාව ඇළ මාර්ගයේ සිරවී සතියකට ආසන්න කාලයක් තිබීම නිසා යාත්‍රා කිරීම අවහිර කිරීමෙන් සිදුවූ පාඩුව ලෙස මෙම වන්දිය ඉල්ලා සිටිය හැකි බව ඇළ අධිකාරියේ සභාපති ඔසාමා රබී මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
ඒ අනුව මෙම වන්දිය ලබාගැනීම ඊජිප්තු රාජ්‍යයේ අයිතියක් බවත් එය අත් නොහරින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
ටොන් 224,000ක පැනමා ධජය රැගත් මෙම නෞකාව මාර්තු 23 වැනි දින ඇළ මාර්ගයේ සිරවූ අතර, ඉන් දින හයකට පසු නෙදර්ලන්ත සමාගමක් ඇතුළු ආයතන රැසක උපකාරයෙන් නෞකාව ඉන් මුදාගැනීමට හැකි වුනා.