ළමුන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත අත්හදා බැලීම අත්හිටුවයි

ළමුන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත අත්හදා බැලීම අත්හිටුවයි

ඇස්ට්‍රාසෙනෙකා සමාගම නිපදවන ලද COVID-19 එන්නත ළමුන් සඳහා අත්හදා බැලීම අත්හිටුවා තිබෙන බව අල්ජසීරා පුවත් සේවය පවසනවා.

කුඩා ළමුන් සඳහා එන්නත සංවර්ධනය කිරීමට උපකාරී වූ විශ්ව විද්‍යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙම අත්හදා බැලීම හරහා කිසිදු ආරක්‍ෂිත ගැටළුවක්” මතු නොවී ඇති නමුත් ලේ කැටි ගැසීම පිළිබඳ භීතියක් බොහෝ පාර්ශව පිළිගෙන ඇති බවයි.

මෙම එන්නත භාවිතයෙන් ඉකුත් සති අන්තය වන විට රුධිර කැටි ගැසීම් 30 ක්, මරණ 7 ක්  වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This