ලංකාවේ කොස්වලින් ජාත්‍යන්තර සමාගමක් ඌරු මස් හදන හැටි

ලංකාවේ කොස්වලින් ජාත්‍යන්තර සමාගමක් ඌරු මස් හදන හැටි

සත්ත්ව හිංසාව පිළිබඳ වැඩි වශයෙන් කතා බහට ලක්වන කාල වකවානුවක් වන මේ කාලයේ මස් වෙනුවෙන් වූ විකල්පයන් වෙත අද වන විට ලොව පුරා වැඩි නැඹුරුවක් දක්නට ලැබෙනවා.

ඒ අනුව ධනවත් රටවල මේ පිළිබඳව නොයෙක් පර්යේෂණ අත්හදා බලන අතර මේ පිළිබඳ ආසන්නතම පර්යේෂණය සිදු කළ පුද්ගලයා වන්නේ Dan Riegler යි.Karana යනුවෙන් හඳුන්වන මුළුමනින්ම ශාක ආහාර මත පදනම් කර ගත් මස් වෙළෙඳ නාමයේ සම නිර්මාතෘවරයායි.

ඔහු ලංකාවේ කොස්වලින් ඌරු මස් නිපදවීමට අත්හදා බැලීම් සිදු කර තිබෙනවා.

ඒ අනුව Dan Riegler පවසන්නේ ඌරු මස් යනු කලාපයේ වැඩි වශයෙන් පරිභෝජනය කරන මාංශ වර්ගය වන බවත් ඒ සඳහා අවශ්‍යතාවය සපුරාලන ආදේශක මෙතෙක් දැකීමට නොමැති බවත්ය.

මෙහිදී Riegler සහ ඔහුගේ සම-නිර්මාතෘ Blair Crichton මීට පෙර ශාක පදනම් කරගත් මස් සඳහා විකල්ප නිෂ්පාදනය කිරීමට යොමුව ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් මෙම දෙපළ විසින් ඌරු මස් සඳහා ආදේශකයක් සොයා ගැනීමට සමත් වී තිබෙනවා. එය මෙරටින් ලබාගන්නා කොස්වලින් සාදනු ලබන්නක්.

මේ සම්බන්ධයෙන් වන වීඩියෝව පහතින් ,

Share This