

කළු ජාතික තරුණයා මරා දැමූ නගරයේ පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
මීට දින කිහිපයකට ඉහතදී ඇමරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රදේශයේ මාර්ග බාධකයකදී පොලීසිය විසින් කළු ජාතික තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණා
මෙම සිදුවීම ගැන එරට පොලිස් ප්‍රධානියා පැවසුවේ පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකුට වෙඩි තැබීම හදිසි අනතුරක් ලෙසටයි
20 හැවිරිදි Daunte Wright නැමති තරුණයා වෙඩි වැදී මියයාමෙන් අනතුරුව එරට ජනතාව තුළ නොසන්සුන්තාවයක් ඇතිවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා
කෙසේ වෙතත් මේ වනවිට කළු ජාතික තරුණයා ඝාතනය කළ නගරයේ පොලිස් ප්‍රධානියා සහ වෙඩි තැබූ නිලධාරියා සමඟ ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා