

සිරගතව සිටින රුසියානු විපක්ෂ නායකවරයාගේ තත්ත්වය බරපතලයි
චෝදනා කිහිපයක් මත සිරගත කර සිටින රුසියාවේ ප්‍රධාන විපක්‍ෂ ක්‍රියාකාරිකයෙකු වන ඇලෙක්සි නවාල්නි ආහාර වර්ජනය කිරීමත් සමඟ ඔහු ඕනෑම මොහොතක මියයාමේ අවධානමකට මුහුණ දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
සිර කඳවුර තුළ තමා මුහුණදී සිටින සෞඛ්‍ය ගැටළු කිහිපයක් වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ආරක්‍ෂක අංශ ඉඩ ලබා නොදීමට විරෝධය පළ කරමින් ඇලෙක්සි නවාල්නි ආහාර වර්ජනයක නිරත වන්නේ සති දෙකක පමණ කාලයක සිටයි.
ආහාර නොගැනීම හේතුවෙන් 44 වැනි වියේ පසු වන නවාල්නිගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට ඉතා වේගයෙන් පිරිහෙමින් පවතින බැවින් ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම කඩිනම් කළ යුතු බවයි නවල්නිගේ ආධාරකරුවන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියෙකු ලෙසින් හැදින්වෙන ඇලෙක්සි නවාල්නි වෙත විෂ ශරීර ගත කළ බවටද මීට පෙර චෝදනා එල්ල වූයේ ජනපති පුටින් වෙතයි.
කෙසේ වෙතත් එම සියළු චෝදනා ප්‍රතික්‍ෂේප කළ ජනපති පුටින් එහිදී අවධාරනය කර සිටියේ බටහිර බලවතුන්ගේ අවශ්‍යතාවන් මත තමන්ට මෙවැනි චෝදනා එල්ල කිරීම අනුමත නොකරන බවයි.