ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා වරදකරු වෙයි

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා වරදකරු වෙයි

එක්සත් ජනපදයේ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින් චෝදනා තුනකට වරදකරු බව එරට අධීකරණය සඳහන් කර තිබෙනවා.

පළමු චෝදනාව ලෙස චේතනාවකින් තොරව මිනීමැරීම, දෙවැනි චෝදනාව ලෙස මානසික අවපීඩනයකට ලක්කිරීම සහ තෙවැනි චෝදනාව ලෙස මනුෂ්‍ය ඝාතනය යන චෝදනා තුනටම ඔහු වැරදිකරු බවට පත්කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔහු අභියාචනයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ නම් දින 60ක් ඇතුළත චාවින්ගේ නීතීඥයන් එය අධිකරණයට දැනුම් දිය යුතුය.

මෙම නඩු විභාගය ආරම්භ වීමට සති දෙකකට පෙර, ඔහුගේ මරණය සම්බන්ධයෙන් ෆ්ලොයිඩ්ගේ පවුලේ අය විසින් ගෙනඑන ලද සිවිල් නඩුවක් සමතයකට පත් කිරීම සඳහා මින්නියාපොලිස් ඩොලර් මිලියන 27ක් ගෙවීමටද එකඟ වී තිබෙනවා.

විනිසුරුවරයා කියා සිටියේ මෙම නඩුව ඉතිහාසයේ වඩාත්ම අවධානයට ලක්වන නඩුවක් වන අතර, එය තවදුරටත් ඉදිරියට ගෙනයාමෙන් වැඩි වෙනසක් සිදු නොවන බවය.

නීති විශාරදයින් කියා සිටියේ ස්ථානය පදනම් කර ගත් නඩුවක් අභියෝගයට ලක් කිරීම සඳහා පූර්වාදර්ශයක් නොමැති බවය.

Share This