

තවදුරටත් ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට
තවදුරටත් ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ අගයක් ගෙන තිබෙනවා.
ගත වූ පැය 24 තුල ඉන්දියාවෙන් ආසාදිතයින් දෙලක්ෂ 94,290ක් වාර්තා වී ඇති අතර මරණ 2020ක් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 82,570ක් ලෙස සටහන් වුණා.
ගත වූ පැය 24 තුල වැඩිම මරණ සංඛ්‍යාව වන 3481 බ්‍රසීලයෙන් වාර්තා වන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් දහ හතර කෝටි 35න් ලක්ෂ 17,351ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 30 ලක්ෂ 56,378ක් ලෙසයි.