

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 3 ඉක්මවයි
එක් දිනක් තුලදි වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ කොවිඩ් මරණ ගණන ඊයේ (21) ඉන්දියාවෙන් වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනයේ එරටින් වාර්තා වු සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 315,802ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඊයේ දිනයේ දී කොවිඩ් මරණ 2,102ක් සිදුව තිබෙනවා.
මේ දක්වා කාලය තුළ එරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 15,924,806කි.
සමස්ත කොවිඩ් මරණ ගණන 184,672ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්.