

ඔක්සිජන් සැපයුම අඩාළ වීමෙන් ඉන්දියාවේ කොවිඩ් රෝගීන් 22ක් මරුට
ඔක්සිජන් කාන්දුවක් නිසා ඔක්සිජන් සැපයුම අඩාළ වීම හේතුවෙන් ඉන්දියාවේ රෝහලක කොවිඩ්-19 රෝගීන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම ඛේදජනක සිදුවීම වාර්තා වූයේ, නාෂික් සිටි නගරයේ පිහිටි සකීර් හුසේන් රෝහලෙනි.
ඔක්සිජන් ගබඩා කරන ටැංකියකට ඔක්සිජන් පුරවමින් සිටින අවස්ථාවකදී මෙම කාන්දුව සිදුව ඇත්තේ. මෙම සිද්ධිය කෙසේ සිදුවූයේ ද? ඒ හරහා රෝගීන්ට ඔක්සිජන් සැපයීම අඩාළ වූයේ කෙසේ ද? යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
රෝහල් බලධාරීන් පවසන්නේ, මිනිත්තු 30ක කාලයක් වෙන්ටිලේටර් වෙත ඔක්සිජන් සැපයීම නතර වී තිබූණු බවය.