

පාකිස්තානයේ චීන තානාපතිවරයා ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක්
නිරිතදිග පාකිස්තානයේ නගරයක් වන ක්වේටා හි සුඛෝපභෝගී හෝටලයක වාහන නැවැත්වීමේ ස්ථානයක සිදු වූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 4 දෙනෙක් මිය ගොස් 11 දෙනෙකු තුවාල ලැබූ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
පාකිස්තානයේ චීන තානාපතිවරයා මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවටද මත පල කරන අතර ඔහු නැවතී සිට ඇත්තේ එම ප්‍රහාරය සිදු වූ හෝටලයේ බවයි වාර්තා වන්නේ.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන තලේබාන් සංවිධානය වගකීම භාර ගෙන තිබෙනවා.