

එවරස්ට් කඳු මුදුනටත් කොවිඩ් යයි
එවරස්ට් කඳු මුදුන තරණය කළ පුද්ගලයෙකුට, එම කන්ද තරණය කරන අතරතුරදී වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.
වසරක් පමණ කඳු තරණය කරන්නන් සඳහා වසා දමා තිබූ එවරස්ට් කන්ද නැවතත් විවෘත කෙරුණේ පසුගියදාය.
එසේ ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ නොර්වේ ජාතික එර්ලන්ඩ් නෙස් නම් කඳු නගින්නෙකි. ඔහු මේ වනවිට දින 8ක් පමණ රෝහල්ගතව සිටිනවා.