ඉන්දීය කොවිඩ් අර්බුදය විසඳීම සඳහා චීනය සාකච්ඡා අරඹයි

ඉන්දීය කොවිඩ් අර්බුදය විසඳීම සඳහා චීනය සාකච්ඡා අරඹයි

කොවිඩ්-19 සමග සටන් කිරීමට ඉන්දියාවට උදව් කරන බවට චීනය පොරොන්දු වී ඇති අතර, දෙපාර්ශ්වයම මේ පිළිබඳව දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් දෛනික මාධ්‍ය හමුවේදී සඳහන් කර තිබෙනවා.

“ඉන්දීය පාර්ශ්වයේ අවශ්‍යතා අනුව සහයෝගය හා සහාය ලබාදීමට චීනය ලෙස අපි කැමැත්තෙන් සිටිනවා. ඒ සඳහා අප දැනටමත් සූදානම්.” යැයි ඔහු සඳහන් කර තිබෙනවා.

චීනය පසුගිය දා පවසා සිටියේ කොවිඩ්-19 ආසාදිතයන් පෙරනොවූවිරූ ලෙස වැඩිවීම පාලනය කිරීමට ඉන්දියාවට උදව් කිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.

ඉන්දියාව ගෙවීගිය දිනයේ ආසාදන 330,000කට අධික සංඛ්‍යාවක් වාර්තා කළේ දෛනිකව ලොව වාර්තාගත ආසාදිතයන් සංඛ්‍යාවක් යළිත් සනිටුහන් කරමිනි.

Share This