

අතුරුදන් වූ ඉන්දුනීසියානු සබ්මැරීයේ බවට සැකකෙරෙන සුන්බුන් කිහිපයක් සොයා ගැනේ
පසුගියදා අතුරුදන් වූ ඉන්දුනීසියානු සබ්මැරීන යාත්‍රාවේ බවට සැකකෙරෙන සුන්බුන් කිහිපයක් එය අතුරුදන් වූ ස්ථානය ආසන්න තිබී සොයා ගෙන තිබෙනවා.
එරට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා ප්‍රකාශ කර ඇත්තේ යාත්‍රාව සම්බන්ධයෙන් සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී එම සුන්බුන් සොයා ගත් බවයි.
අදාළ සබ්මැරීන යාත්‍රාව පසුගිය 21 වනදා ඉන්දුනීසියාවේ බාලි දූපත ආසන්නයේදී අතුරුදන් වූයේ යුද අභ්‍යාස වල නිරත වෙමින් සිටියදීයි.