තුර්කිය Lockdown

තුර්කිය Lockdown

කොවිඩ්-19 ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් ඇති B 1.1.7 නමැති බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිරගොස් තිබීමත්, එවැනිම ඉහළ සම්ප්‍රේෂණයක් සහිත B1.617 නමැති ඉන්දියානු ප්‍රභේදයේ ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීමත් සමග ඊයේ (29) රාත්‍රී 7.00 සිට තුර්කිය ජාතික වශයෙන් ලොක්ඩවුන් තත්ත්වයකට ගොස් තිබෙනවා.

පළමු වැනි කොවිඩ්-19 රැලිවලදී පවා ජාතික ලොක්ඩවුන් තත්ත්වයකට නොගිය, ලෝකයේ කොවිඩ්-19 පාලනය කළ රටවල් අතරින් හොඳ ස්ථානයක සිටි තුර්කිය පවා සිය පළමු වැනි ජාතික ලොක්ඩවුන් තත්ත්වය වෙත ගමන් කරන්නේ, වෛරසය ආසාදනය වීමේ අනුපාතය රට තුළ අඛණ්ඩව ඉහළ යමින්, එය දැන් යුරෝපයේ ඉහළම අගය බවට පත්ව ඇති පසුබිමකය.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව මුස්ලිම් ශුද්ධ වූ රාමසාන් මාසයේ ඉතිරි කාලය සහ ඊද් අල් ෆිතර් නිවාඩු කාලය පුරා මෙම ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක වන්නේ, මැයි මස 17දා පෙ.ව. 5.00ට එය අවසන් වෙමිනි.

මේ තත්ත්වය සමග ඊයේ රටේ ප්‍රධාන නගර හරහා වීදි, ලොක්ඩවුන් සීමාවන් සඳහා සූදානම් වන තුර්කි ජනතාවගෙන් පිරී තිබූ අතර, රටේ ප්‍රධාන අධිවේගී මාර්ගය රථ වාහනවලින් පිරී ගොස් තිබෙනවා.

තුර්කියේ සෞඛ්‍ය අමාත්‍ය ෆැරෙටින් පැවසුවේ, ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත වෛරස ප්‍රභේද රට තුළ ශීඝ්‍රයෙන් පැතිරයන පසුබිමක, එන්නත ලබාදීමේ යම් ප්‍රමාදයක් රට අපේක්ෂා කළ බැවින් මෙම ජාතික ලොක්ඩවුන් තත්ත්වයට යෑමට තීරණය කළ බවයි.

B1.617 නමින් හැඳින්වෙන ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ්-19 වෛරසය ප්‍රභේදය ආසාදිත වූවන් 5 දෙනෙකු එරටට පැමිණ ඇති බව හඳුනාගෙන ඇති අතර, ඔවුන් මේ වනවිට හුදකලා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

BBC ඇසුරෙන්

Share This