ශ්‍රි ලංකා ග්‍රේට්ස් XI සහ ටීම් ශ්‍රි ලංකා සංචිතය මෙන්න

ශ්‍රි ලංකා ග්‍රේට්ස් XI සහ ටීම් ශ්‍රි ලංකා සංචිතය මෙන්න

ශ්‍රි ලංකා ග්‍රේට්ස් XI කණ්ඩායම සහ ටීම් ශ්‍රි ලංකා කණ්ඩායම අතර ලබන 04 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 20-20 ක්‍රිකට් තරගය සඳහා දෙපිලේම සංචිතය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව ශ්‍රි ලංකා ග්‍රේට්ස් XI කණ්ඩායමේ නායකත්වය සනත් ජයසූරියට හිමිවී ඇති අතර සෙසු ක්‍රීඩකයින් වන්නේ අරවින්ද ද සිල්වා, හෂාන් තිලකරත්න, ෆර්වීස් මහරූෆ්, උපුල් චන්දන, උපල් තරංග, නුවන් කුලසේකර, තිළිණ තුෂාර, ධම්මික ප්‍රසාද්, චාමර සිල්වා, මලින්ද වර්ණපුර, ඉන්දික ද සේරම්, ජෙහාන් මුබාරක් සහ සමන් ජයන්ත එක්වනවා.

ටීම් ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිව ඇති අතර සෙසු ක්‍රීඩකයින් වන්නේ කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ඉසුරු උදාන, රමේෂ් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, තිසර පෙරේරා, පැතුම් නිශ්ෂංක, චාමික කරුණාරත්න, ලක්ෂාන් සදකැන්, රොෂේන් සිල්වා, හසිත ප්‍රනාන්දු සහ LPL තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කළ විජයකාන්ත් වියස්කාන්ත් යන අයයි.

Share This