චීන රොකට්ටුවේ සුන්බුන් පෘථිවියට පතිත වෙයි

චීන රොකට්ටුවේ සුන්බුන් පෘථිවියට පතිත වෙයි

චීනය විසින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පියාසර‍ කරවා තිබු Long March-5B රොකට්ටුව ඔවුන්ගේ පාලනයෙන් ගිලිහී තිබූ අතර  එහි පෘථිවියට පතිත වේ යැයි අපේක්ෂා කළ කොටස ඉන්දීය සාගරයට පතිත වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙම රොකට්ටුව පසුගිය අප්‍රේල් මස 29 වන දින චීනය විසින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මුදාහැර තිබූ අතර මීට පෙර ද චීනය විසින් යැවු මෙවැනිම ආකාරයේ රොකට්ටුවක් කොස්ටරිකා රාජ්‍යයට කඩා වැටීම හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුවූ බවද වාර්තා වුණා.

ඉන්දියන් සාගරයට පතිතවන අවස්ථාවේ එය බොහෝ වශයෙන් ගිනිගෙන දැවී තිබූ බවයි වාර්තා වන්නේ.

Share This