

ඊශ්‍රායලය හා පලස්තීනයේ සටන් විරාමය මැද ජෝ බයිඩන් ඊශ්‍රායලයට සහතික වූ දේ
ඊශ්‍රායලය හා හමාස් අතර ඇති වූ සටන් විරාමය මධ්‍යයේ වුවද ඊශ්‍රායලයේ “අයන් ඩෝම්” පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්යමින් නෙතන්යාහුට (Benjamin Netanyahu) පූර්ණ සහයෝගය ලබා දෙන බවට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
“අනාගතයේ දී ඊශ්‍රායලයේ යකඩ ඩෝම් පද්ධතිය වැඩිදියුණු කිරීම සහ එරට ආරක්ෂාව සහතික කිරීම සඳහා මගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට මම ඔහුට සහතික වුණා” යැයි බයිඩන් පැවසු බවයි වාර්තා වන්නේ.
දින 11 ක ගැටුමේදී හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් විසින් එල්ලකළ රොකට් වෙඩි දහස් ගණනක් වෙඩි තබා විනාශ කිරීමට ඊශ්‍රායලය සතු “අයන් ඩෝම්” ආරක්ෂක පද්ධතියට හැකි වීම ලොව බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණා.
ඊශ්‍රායල් හමුදාවට අනුව හමාස් සටන්කාමීන් අවම වශයෙන් රොකට් 4,300 ක් සිය භූමිය දෙසට එල්ලකර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් “අයන් ඩෝම්” ආරක්ෂක පද්ධතියේ ග්‍රහණයට හසු වූ බවයි වාර්තා වන්නේ.