බංග්ලාදේශයට ලකුණු 33ක ජයක්

බංග්ලාදේශයට ලකුණු 33ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

බංග්ලාදේශයේ ඩකා නුවරදී ආරම්භ වූ එම තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු ගණන 257ක්.

බංග්ලාදේශයේ පළමු කඩුලු 4 ලකුණු 99 කදී බිද වැටුණු අතර 5 වන කඩුල්ල සඳහා මහමුදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් එක්ව ලකුණු 109 සබඳතාවයක් ගොඩනැගීමට සමත් වුණා එහිදී මුෂ්ෆිකුර් රහීම් ලකුනු 84ක් සහ මහ්මුදුල්ලා ලකුණු 54ක් රැස් කළා‍.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 45කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර ජයග්‍රහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් හඹාගිය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 224කට සියුලු දෙනාම දැවී ගියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග නොදැවී ලකුණු 74 රැස් කිරීම විශේෂත්වයක්.

Share This