

බංග්ලාදේශයට ලකුණු 287ක ඉලක්කයක්
බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 286 ක් රැස් කළා.
ශ්රී ලංකාව වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ කුසල් පෙරේරා සිය 6 වැනි එක්දින ශතකය වාර්තා කරමින් ලකුණු 120 ක් රැස් කළ අතර ධනංජයද සිල්වා සිය 6 වැනි එක්දින අර්ධ ශතකය රැස් කරමින් නොදැවී ලකුණු 55 ක් රැස් කිරිමට සමත්වුණා.
ටස්කින් අහමඩ් ලකුණු 46ට කඩුලු 4ක් දවාගත්තා.