

චීනයේ වෙනස් වුණු නීතිය
ලොව වැඩිම ජනගහනයක් සහිත චීනයේ එක් පවුලකට දරුවන් දෙදෙනෙක් පමණයි වශයෙන් පැවති නීතිය ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ එරට ජනගහන වර්ධන වේගය අඩුවී ඇති බවට ජනගහන සංගණනයකින් තහවුරු වීමත් සමගයි.
ඒ අනුව විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
මෙම නව නීතිය චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.