

කොවිඩ් මර්දන එන්නත් අතරට එක්වන නවතම එන්නත
ලොවම වෙලාගත් කොවිඩ් වසංගතයට මුහුණ දීමට නිපදවූ අලුත්ම එන්නතක් පිළිබඳව පකිස්ථානයෙන් වාර්තා වනවා.
ඒ අනුව පාකිස්තානය විසින් නිපදවු පළමු කොවිඩ් මර්දන එන්නත නිලවශයෙන් එරට සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
චීන සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහාය ඇතිව නිෂ්පාදනය කර ඇති මෙම එන්නත “පාක්වැක්” යනුවෙන් නම් කර තිබෙනවා.
මෙම එන්නත තනි මාත්‍රාවක් පමණක් භාවිතයට ගත හැකි අයුරින් නිපදවා ඇති අතර පාක්වැක් එන්නතේ මාත්‍රා 120,000ක් පමණ මේ වන විට නිෂ්පාදනය කර ඇති අතර දෙවන අදියරේ දි මාත්‍රා 900,000ක් නිෂ්පාදනය කිරිමට අපේක්ෂිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.