

විපක්ෂ එකතුවී නව රජයක් තනන රට
නව එක්සත් රජයක් පිහිටුවීමට ඊශ්‍රායල් විරුද්ධ පක්ෂ එකඟතාවයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව වසර 12ක බෙන්ජියම් නෙතන්යාහුගේ අග්රාමාත්යධුර කාලය අවසන් කෙරුණු ඇති.
කණ්ඩායම් අටක් විසින් මෙම සංධානය පිහිටුවා ගත් බවයි යීෂ් ආටීඩ් පක්ෂයේ නායක ලැපිඩ් යායර් පැවසුවේ.
කෙසේ වුවද රජයේ දිවුරුම් දීමට පෙර පාර්ලිමේන්තු ඡන්ද විමසීමක් පැවැත්විය යුතුව ඇති බව සඳහන්.
ලැපිඩ් විසින් මෙම ගිවිසුම පිළිබඳ ජනාධිපති රුවීන් රිව්ලින් දැනුවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අලුතින් පිහිටුවන රජය ඊශ්‍රායල පුරවැසියන්ගේ, ඡන්දය දුන් නොදුන් අයගේ සේවය වෙනුවෙන් කැපවෙන බව ලැපිඩ් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රතිඥා දී තිබෙනවා.
Whatever happens tonight and in the days left until the confidence vote if it ever takes place, this is a historic photo. A leader of an Arab-Israeli party and the leaders of a Jewish-nationalist party signing an agreement to join a government together pic.twitter.com/ahGijY6qgc
— Anshel Pfeffer אנשיל פפר (@AnshelPfeffer) June 2, 2021