

අවුරුදු 9ක දැරියක් ‘පැදවූ රථයක්’ අනතුරක
එක්සත් ජනපදයේ Utah ප්‍රාන්තයේ වයස අවුරුදු 9 ක සහ 4ක ගැහැණු ළමුන් දෙදෙනෙක් මෝටර් රථයක් අපරික්ෂාකාරීව පදවමින් සිටියදී එරට පොලිසිය විසින් නවතා තිබෙනවා .
ඔවුන් පවසා තිබෙන්නේ මුහුදේ පිහිනීම සඳහා කැලිෆෝනියාවට යන බවයි
රියදුරු 9 හැවිරිදි දැරියක බව දැනගත් විට එරට පොලිස් නිලධාරීන් පුදුමයට පත්ව තිබෙන අතර , මෙම දැරියන් දෙදෙනා ඔවුන්ගේ දෙමව්පියන් නිදා සිටියදී මෝටර් රථයේ යතුරු පැහැරගෙන පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
දැරියන් දෙදෙනා ප්‍රධාන මාර්ග දෙකක ගමන් කර, තවත් මෝටර් රථයක ගැටී, පසුව ලොරි රථයක ගැටී ඇති බව පොලිසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා
සහෝදරියන් දෙදෙනාම ආසන පටි පැළඳ සිටි නිසා ඔවුන්ට හානියක් වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
Officers got quite a surprise when they responded to an accident this morning & discovered the driver was a 9yo girl. The young girl & her 4yo sister apparently snagged the keys to the family car while their parents were sleeping & set out on their own summer adventure. #wvc pic.twitter.com/evHq3DiBRC
— WVC Police (@WVCPD) June 2, 2021