

පාකිස්තානයේ සිදුවූ දුම්රිය අනතුරෙන් මියගිය ගණන තවත් ඉහළට (VIDEO)
දකුණු පාකිස්තානයේ මගී දුම්රිය දෙකක් ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
බේරා ගැනීමේ කණ්ඩායම් විසින් තුවාල ලැබූවන් අසල පිහිටි රෝහල් වෙත ගෙන ගොස් ඇති අතර කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වී තිබෙනවා
ගොක්ටි දිස්ත්‍රික්කයේ නිලධාරියෙකු වන උස්මාන් අබ්දුල්ලා රොයිටර් පුවත් සේවයට පවසා තිබෙන්නේ තවමත් දුම්රියේ කොපමණ පිරිසක් සිරවී සිටිනවාද යන්න දැන ගැනීම දුෂ්කර බවයි.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කියා සිටියේ මෙම අනතුරෙන් තමා කම්පනයට පත්ව ඇති බවත් සම්පූර්ණ පරීක්ෂණයක් කිරීම සඳහා තමා පොරොන්දු වන බවත්ය.