කොවිඩ් එන්නත්කරණය දරුවන්ට සිදු කිරීමට රටවල් කිහිපයක අත්හදා බැලීම් තවදුරටත්

කොවිඩ් එන්නත්කරණය දරුවන්ට සිදු කිරීමට රටවල් කිහිපයක අත්හදා බැලීම් තවදුරටත්

ඉන්දියාවේ භාරත් බයෝටෙක් ඖෂධ සමාගම විසින් නිෂ්පාදනය කරන ‘කොවැක්සින්’ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත එරට අවුරුදු 2ත් – 18ත් අතර, දරුවන්ට ලබාදීම සඳහා වූ සායනික පරීක්‍ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර, චීනයේ අවුරුදු 3ත් 17ත් අතර දරුවන්ට සයිනොෆාම් එන්නත ලබාදීම පිළිබඳව මූලික පරීක්‍ෂණ අවසන් වීමෙන් පසුව එය අනුමත ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත යුරෝපා සංගමයට අයත් රටවල්වල සහ කැනඩාවේ දරුවන්ට භාවිතය සඳහා අනුමැතිය වෙනුවෙන් ඉල්ලුම් කර තිබෙනවා.

 

Share This