ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව කෝටි 17 ඉක්මවමින් ලොව පුරා ලක්ෂ 37කටත් වැඩි ප්‍රමාණයක් කොවිඩ් මරුවාට බිලි වෙයි

ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව කෝටි 17 ඉක්මවමින් ලොව පුරා ලක්ෂ 37කටත් වැඩි ප්‍රමාණයක් කොවිඩ් මරුවාට බිලි වෙයි

ලොව රටවල් සහ පාලන බල ප්‍රදේශ 220ක ව්‍යාප්ත වි ඇති කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව කෝටි 17 (174,809,365) ඉක්මවා තිබෙනවා.

එමෙන්ම ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂ 37 (3,764,318) පසු කර තිබෙනවා.

තවදුරටත් ආසාදිත ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ ඇමරිකාව වන අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ අසල්වැසි ඉන්දියාවයි.

ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් තවූ පැය 24 දී ආසාදිතයින් 92,596 දෙනෙකු සහ මරණ 2,219ක් වාර්තා වුණා.

ඉන්දියාව තුළ දරුණු ලෙස කොරෝනා ව්‍යාප්තිය සිදුවන පසුබිමක එරට සියලුම වැඩිහිටියන්ට නොමිලේ එන්නත්කරණය සිදුකරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කරනවා.

එමෙන්ම දුප්පතුන් සහ මධ්‍යම ප්‍රාන්තිකයින්ටද නොමිලේ එන්නත් ලබාදීම පියවර ගන්නා බවයි මෝදි වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

එමෙන්ම කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ තෙවන ස්ථානයේ තවමත් පසු වන්නේ බ්‍රසීලයයි.

Share This