

කොවිඩ් එන්නතේ ‘මාත්‍රා දෙකම ලබාගත් පිරිමියෙක්ව’ විවාහයට සොයන කාන්තාවක්
මනාලයෙකු සොයන ඉන්දීය කාන්තාවක් තමන් සොයන සහකරුවා කොරෝනා එන්නත ලබාගෙන තිබිය යුතු යැයි දැක්වෙන මංගල දැන්වීමක් පළ කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වනවා.
ඉන්දියාවේ පුවත්පතක මෙය පළ වී ඇති බවයි එම වාර්තා මගින් සඳහන් කරන්නේ.
මෙම දැන්වීම පළකර ඇති කාන්තාව තමා කොරෝනා එන්නත් දෙකම ලබාගෙන ඇති බව එම දැන්වීමේ දක්වා ඇති අතර විවාහවීමට නම් මනාලයා අනිවාර්යයෙන්ම එන්නතේ මාත්‍රා දෙකම විද තිබිය යුතු බව ද සඳහන් කර ඇතැයි වාර්තා වනවා.