ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සහ 20 – 20 සටනේ නායකත්වය ධවාන්ට

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සහ 20 – 20 සටනේ නායකත්වය ධවාන්ට

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සංචාරය සඳහා සහභාගිවන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙසින් ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ව පවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ඉන්දීය පිලේ නායකත්වයට ධවාන් පත් වුණු පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් වන මෙම තරග සංචාරයේ ඔහුගේ සහායක උප නායකයා ලෙස භුවනේෂ්වර කුමාර්ව නම් කර තිබේ.

එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් පැවැත්වෙන මෙම තරග සංචාරය සඳහා නම් කරන ලද ඉන්දීය කණ්ඩායම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් සමන්විත වනවා.

එම කණ්ඩායමට අමතරව එම තරග සංචාරය සඳහා දැල් පුහුණු පන්දු යවන්නන් 5 දෙනෙකුද ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර තීරණය කර තිබෙනවා.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව ගොස් සිටින හෙයින් එම කණ්ඩායමට ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ට මෙම තරග සංචාරය සඳහා සහභාගිවීමේ අවස්ථාව අහිමියි.

Share This