

වෙන්කළ උපත් පාලන කොපු ගෙදර ගෙන යාම සුදුසු යැයි ඔලිම්පික් සංවිධායකයින් කියයි
ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් විසින් ලබන මාසයේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලේදී කොන්ඩම් 150,000 ක් පමණ ලබා දීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වුවද සමාජ දුරස්ථ නීති සහ කොරෝනා වයිරස් හේතුවෙන් ඒවා ඔලිම්පික් ගම්මානයේ භාවිතා කරනවාට වඩා ගෙදර ගෙන යාම සුදුසු යැයි ඔලිම්පික් සංවිධායකයින් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
1988 සෝල් ඔලිම්පික් උළෙලේ සිට HIV සහ ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොන්ඩම් විශාල ප්‍රමාණයක් ලබාදී ඇති අතර, මෙලෙස කොන්ඩම් බෙදා හරින්නේ මලල ක්‍රීඩක ගම්මානයේ භාවිත කිරීම සඳහා නොව HIV සහ ඒඩ්ස් පිළිබඳ දැනුවත් කිරීම සඳහා වගේම, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒවා නැවත තම මව් රටට රැගෙන යාමට බවයි සංවිධායකයන් වැඩිදුරටත් පවසන්නේ.