Tik Tok සමාගමේ ආදායම දෙගුණයකින් ඉහළ යයි

Tik Tok සමාගමේ ආදායම දෙගුණයකින් ඉහළ යයි

ටික්ටොක් යෙදුමේ හිමිකාර චීන සමාගම පසුගිය වසරේදී තම ආදායම දෙගුණයකින් ඉහළ ගිය බව පවසනවා.

චීනයේ බයිට් ඩෑන්ස් සමාගමේ ආදායමයි මෙලෙස ඉහළ ගියේ.

2020 සඳහා සමාගමේ මුළු ආදායම 111% කින් එනම් ඩොලර් බිලියන 34.3 දක්වා ඉහළ ගොස් ඇති බව කාර්ය මණ්ඩලයට වෙත නිකුත් කළ අභ්‍යන්තර ලිපියකින් තහවුරු වී තිබෙනවා.

මෙම සංඛ්‍යාලේඛන මගින් ටික්ටොක් ලැබූ අඛණ්ඩ ගෝලීය ජනප්‍රියත්වය තවදුරටත් තහවුරු වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Share This