

චීන රාජ්‍ය ආරක්ෂක ඇමැති ඇමෙරිකාවට පනියි – වූහාන් රසායනාගාරය ගැන සැඟවුණු තොරතුරු හෙළි කරලා
චීන රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ඩොං ජිංවේ එක්සත් ජනපදයට රහසේම ගොස් ඇති බවට සාක්ෂි පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඩොං ජිංවේ හට චීනයේ බුද්ධි තොරතුරු පිළිබඳව කටයුතු කිරීමට ද භාරවී තිබූ අතර ආරංචි මාර්ග පවසන්නේ වුහාන් නගරයේ රහසිගත රසායනාගාරයක් ගැන ඇමරිකාවට තොරතුරු ලබාදී ඇත්තේ ද ඩොං ජිංවේ බවයි
ඩොං ජිංවේ ඇමරිකාවට රහසේම ගොස් ඇති බවට පළ වන මෙම වාර්තාවලට චීනය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබීමත් කැපී පෙනෙන්නක්.
එක්සත් ජනපද බුද්ධි අංශ, ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්තිය ආවරණය වන ප්‍රවෘත්ති පත්‍රයක් වන ස්පයි ටෝක් වාර්තාවන්ට අනුව, ඩොං සිය දියණිය වන ඩොං යැං සමඟ හොංකොං හරහා එක්සත් ජනපදයට පලා ගිය බව පැවසෙනවා.