

කොවිඩ් එන්නත් අතරට එක්වූ නවතම එන්නත
90%ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන තවත් කොරෝනා මර්දන එන්නත් ඉන්දියාවේ බයෝලොජිකල් ඊ ඖෂධ සමාගම මඟින් නිපදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මෙම එන්නත නම් කර ඇත්තේ කෝර්බෙවැක්ස් යන නමින්.
මේ වන විට මෙම එන්නතේ තුන්වන අදියර අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති අතර එය එළඹෙන ඔක්තෝබර් මස වන විට වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.
ඉන්දියාවේ සීරම් සමාගම විසින් නිෂ්පාදිත කොවැක්ස් එන්නතෙහි දෙවැනි මාත්‍රාව සැප්තැම්බර් මාසයේ එළි දැක්වීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වනවා.