

විශ්වාසභංගයෙන් අගමැතිව නෙරපූ රට
පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාසභංග යෝජනාවකින් ස්වීඩනයේ අගමැති ස්ටෙෆාන් ලොෆ්වෙන් ගේ වත්මන් රජය පෙරළා දැමීමට විපක්ෂ දේශපාලන පක්ෂ ඊයේ (21දා) සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මන්ත්‍රීවරුන් 349 දෙනාගෙන් 181 දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර ඡන්දය දීමෙන් 51 ක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා
එවැනි ඡන්දයකින් අගමැතිවරයෙකු නෙරපා හැරීම ස්වීඩන් ඉතිහාසයේ පළමු අවස්ථාව ලෙසයි සැලකෙන්නේ
ස්වීඩනයේ වාමාංශික පක්ෂය පසුගිය සතියේ විශ්වාසභංග යෝජනාවක් කැඳවූයේ අලුතින් ඉදිකරන ලද මහල් නිවාසවල කුලී මුදල අවසන් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන්