චීන සටන් කලා පාසලක ගින්නක්

චීන සටන් කලා පාසලක ගින්නක්

චීනයේ සටන් කලා පාසලක ඇති වූ ගින්නකින් අවම වශයෙන් 18 දෙනෙකු මියගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා දරුවන් බව එරට ප්‍රාදේශීය මාධ්‍ය පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඝාතනයට ලක්වූවන්ගෙන් වැඩි දෙනෙක් හෙනන් පළාතේ ෂෙන්ක්සිං සටන් කලා මධ්‍යස්ථානයේ ජීවත් වූ සහ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 7 -16 ත් අතර සිසුන් බවයි වාර්තා වී තිබෙන්නේ

සිකුරාදා (25) අලුයම ගින්න හටගෙන ඇති අතර එය නිවා දමා ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පැවසුවද එය ආරම්භ වූයේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැහැ

මාරාන්තික ගිනි ගැනීම් චීනයේ සාමාන්‍ය දෙයක් නොවන බවත් සටන් කලා මධ්‍යස්ථානය භාරව සිටින පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා

තුවාල ලැබූ සිසුන් ඉක්මනින් ප්‍රාදේශීය රෝහලකට ඇතුළත් කර තිබුනත් දෙමාපියන් කියා සිටියේ ඔවුන්ට දරුවන් ගැන කිසිදු තොරතුරක් ලබා දී නොමැති බවත් තවමත් දරුවන් බැලීමට ඔවුන්ට අවසර දී නොමැති බවත්ය.

 

Share This