

ඇමරිකාවට පැන්න චීන ලොක්කා ගැන තොරතුරු හෙළි වේ
චීන රජයේ ඉහළම තලයේ ආරක්ෂක බලධාරියෙකු ඇමෙරිකා එක්සත් ජනපදයට පලා ගොස් ඇති බවට තහවුරු නොවූ පුවතක් මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ දිග හැරෙමින් පවතිනවා.
මුලින් සමාජ මාධ්‍ය තුළ ඕපාදූපයක ආකාරයෙන් වාර්තා වුවත් අදාළ පුවත හේතුවෙන් මේ වන විට ලොව ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යයන් පවා නොසන්සුන් වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳවත්, එය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බවටත් වූ වැදගත් තොරතුරු පලාගිය පුද්ගලයා සතුව ඇති බව එම වාර්තා මගින් පෙන්වා දෙනවා.
එම පුද්ගලයා පිළිබඳව පුවත්පත් පළ කළ සටහනක් පහතින් දැක්වෙනවා.
‘මෙම පාවා දීමේ පුවතට විෂය වූ චීන බලධාරියා එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. ඩොන් ජිංවේ නම් වූ ඔහු චීනයේ රාජ්‍ය ආරක්ෂාව භාර උප ඇමැතිවරයාය. ඊටත් වඩා වැදගත් වන්නේ ඔහු චීන රජයේ ප‍්‍රති-බුද්ධි ප‍්‍රධානියා (Head of Counterintelligence) ලෙස ද කටයුතු කිරීමයි.
මෙම ලිපිය ලියන මොහොත වන විටත් වොෂින්ටනය හෝ බීජීනය විසින් ඩොන් ජිංවේ පිළිබඳව පැතිරී ඇති ආරංචිවලට නිල පිළිතුරක් ලබා දී නොමැත. ඒ හේතුවෙන්ම ඔහු පිළිබඳව කටකතා වලට අත්තටු ලැබී ඇත. ඇමෙරිකාවේ බුද්ධි තොරතුරු, ආරක්ෂක හා විදේශ ප‍්‍රතිපත්ති ආවරණය කරන Spy talk පුවත් වාර්තාවකින් දැක්වෙන්නේ චීන සමාජ මාධ්‍ය මේ වන විට ජිංවේගේ පාවාදීම පිළිබඳ කසුකුසුවලින් පිරීගොස් ඇති බවයි.
පසුගිය පෙබරවාරි මාසයේ දිනයක උප ඇමැතිවරයා තම දියණිය ද සමඟ හොංකොං හරහා ඇමෙරිකාවට පලාගොස් ඇති බව ඒ අතරින් චීන රජයට විරුද්ධ බොහෝ දෙනාගේ මතය වී ඇත. ඔහු දැනට සිටින ස්ථානය පිළිබඳව ද සැක සංකා මතුව ඇත.
ඇමෙරිකාවට පලා ආ චීන රජයේ දැවැන්තයකු පිළිබඳව පළමුවෙන්ම වාර්තා කළේ RedStar නම් දේශපාලන බ්ලොග් අඩවියයි. ඒ පසුගිය ජුනි මස 04 වැනිදාය. පලා ආ පුද්ගලයාගේ අනන්‍යතාවය ඒ මොහොතේ හෙළි කර නොතිබුණු අතර ඔහු ඇමෙරිකානු ආරක්ෂක බුද්ධි ඒජන්සිය (DIA) වෙත ස්වකැමැත්තෙන්ම භාර වී ඇති බවට වාර්තා කර තිබුණි.
අදාළ භාරවීම කෙතරම් රහසිගතව කෙරුණා ද කිවහොත් ඒ පිළිබඳව ඇමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) හෝ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) පවා දැන නොසිටි බව RedStar වාර්තාවේ සඳහන් වේ. වඩාත් වැදගත් වන්නේ ඔහු සතුව චීනයේ නිෂ්පාදිත ජීව විද්‍යාත්මක ස්වභාවයක් ගත් විශේෂිත ආයුධ වර්ගයක් පිළිබඳව සංවේදී තොරතුරු ඇති බවට අදාළ වාර්තාවේ සඳහන් වීමයි.
ඉන් සතියකට පසු නැවතත් RedStar බ්ලොග් අඩවිය වාර්තා කළේ කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳව වැදගත් සාක්ෂි ලැබී ඇති බවයි. කොරෝනා වෛරසය යනු චීන මහජන විමුක්ති හමුදාවේ ව්‍යාපෘතියකට අනුව වූහාන් වෛරස් විද්‍යාගාරය තුළ මිනිසුන් විසින් නිෂ්පාදනය කරන ලද ජීව විද්‍යාත්මක ආයුධයක් බව පලා ආ දැවැන්තයා විසින් හෙළි කරන ලද බව එකී වාර්තාවේ සඳහන් වේ.
ජුනි මස 17 වැනිදා චීනයට එරෙහි වූවායැයි විශ්වාස කෙරෙන පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි කිරීමට බ්ලොග් අඩවිය කටයුතු කර තිබුණි. චීනයට බුද්ධි තොරතුරු හෙළි කරනු ලබන ඇමරිකානු නිලධාරීන්ගේ නාමලේඛනයක් මෙන්ම එක්සත් ජනපදය තුළ ක‍්‍රියාත්මක වන චීන ඔත්තුකරුවන්ගේ විස්තරයක් ද ඩොං විසින් භාර දෙන ලද බව වැඩිදුරටත් වාර්තා කර ඇත.
කෙසේ වෙතත් ඩොං ජින්වේ සිදුවීම චීන සමාජ මාධ්‍යවේදීන් විසින්ම පතුරුවා හරින ලද කටකතාවක් බවට තර්ක කරන විචාරකයෝ එය උපහාසයෙන් බැහැර කරති.’