

කුසල් සහ දික්වැල්ල සොයා ‘එංගලන්තයේ කරන’ CCTV මෙහෙයුම (VIDEO)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන උප නායක කුසල් මෙන්ඩිස් සහ කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල සම්බන්ධ වීඩියෝව සම්බන්ධයෙන් වහාම පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකරුට දැනුම් දී තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු මංජුල කාරියප්පෙරුම මහතාගෙන් liveat8 කළ කරුණු විමසීමක දී ඔහු සඳහන් කළේ අදාළ ප්‍රදේශයේ CCTV දර්ශන අද (28) පරික්ෂා කිරීමට නියමිත බවයි.
හෝටලයෙන් ඉවතට යාමට ඔවුන්ට අවසර ඇති බවද මුහුණු ආවරණ පැළඳ නොසිටීම වරදක් බවද කළමනාකරු කියා සිටියා.
එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින් දැක්වෙනවා.