

ජර්මනිය සංචාරක තහනම ඉවත් කළ රටවල්
ජර්මනිය එක්සත් රාජධානිය සහ කොවිඩ් ප්‍රභේදයන්ගෙන් පීඩාවට පත් රටවල් හතරක පුද්ගලයින්ට කොවිඩ් සම්බන්ධ සංචාරක තහනම ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
පෘතුගාලය, රුසියාව, ඉන්දියාව සහ නේපාලය යන රටවල ජනතාවට ද පනවා ඇති මෙම සීමාවන්ද ලිහිල් කරන බවයි වාර්තා වන්නේ
සම්පුර්ණයෙන්ම එන්නත ලබා ගන්නා අමුත්තන්ට නිරෝධායනය කිරීම අවශ්‍ය නොවන අතර ,එන්නත ලබා නොගත් පුද්ගලයින්ට දින 10 ක් දක්වා නිරෝධායනය වීම අවශ්‍ය වන අතර, නිරෝධායනය වන පස්වන දිනයේදී කරන පරීක්ෂණයකින් ප්‍රථිපලය ඍණාත්මක වුවහොත් නිරෝධායනය කල්තියාම අවසන් කළ හැකියි