කොවිඩ් නිසා මෙවර ඔලිම්පික් ගිනි සිළුවට වුණු දේ

කොවිඩ් නිසා මෙවර ඔලිම්පික් ගිනි සිළුවට වුණු දේ

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාව වන වීදිවල ඔලිම්පික් පන්දම් රැගෙන දිවීම අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ කොවිඩ් 19 ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙනුයි.

ඒ අනුව එළඹෙන සිකුරාදා සිට, ටෝකියෝ නගරයේ මහජන රිලේ ඉසව් වෙනුවට අන්තර්ජාලය හරහා විකාශනය වන ගිනි දැල්වීමේ උත්සවය පැවතීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ..

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල පැවැත්වීමට විශාල වශයෙන් මහජන විරෝධයක් එල්ලවන අතර එය නොතකා ජූලි 23 වන දින ආරම්භ වීමට නියමිතයි.

කොරෝනා වෛරස් බිය මධ්‍යයේ ජපානයේ ජනතාව මෑත මාසවලදී ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට හෝ කල් දැමීමට ඉල්ලා සිටිය නමුත් බලධාරීන් එයට නිසි ඇහුන්කන් දීමක් සිදු නොකළ බවට ජපානයට චෝදනා එල්ල වී තිබෙනවා.

Share This