සූවස් ඇළේ සිරවූ නෞකාව යළි ගමන් අරඹයි (VIDEO)

සූවස් ඇළේ සිරවූ නෞකාව යළි ගමන් අරඹයි (VIDEO)

පසුගියදා සූවස් ඇළේ සිරවී තිබූ දැවැන්ත මෙහෙයුමකින් පසුව ගලවා ගත් එවර් ග්‍රීන් සමාගමට අයත් එවර් ගිවන් නෞකාව නැවත යාත්‍රා කිරීමට සුදානම් වෙනවා

ඊජිප්තු අධිකරණය විසින් ඇති වූ පාඩු හේතුවෙන් ඩොලර් මිලියන 900 ක වන්දියක් ගෙවන ලෙස යාත්‍රාවේ ජපන් හිමිකරු ෂෝයි කිසෙන් කයිෂාට පසුගියදා නියෝග කළා.

සූවස් ඇල අධිකාරිය (එස්සීඒ) එවර් ගිවන් නෞකාවේ ජපන් හිමිකරු ෂෝයි කිසෙන්ගෙන් වන්දි ඉල්ලා ඇත්තේ ගැලවීමේ මෙහෙයුමේ පිරිවැය, ඇළේ ඉවුරුවලට හානිවීම සහ වෙනත් අලාභ සඳහා වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඩොලර් මිලියන 550 දක්වා ගෙවීම් අඩු කරමින් එකඟතාවයකට පත්ව නැව මුදා හැරීමට ගිවිසුම් අත්සන් කර තිබෙනවා

ඉන්දියානු කාර්ය මණ්ඩලයක් සහිත මෙම නෞකාවේ බහාලුම් 18,300 ක් පමණ පටවා ඇති අතර නෞකාව ඇළ දිගේ උතුරු දෙසට ගමන් කරමින් සිටිනවා

Share This