ඔලිම්පික් උළෙල අවසන් වන තුරු ටෝකියෝවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ – වෛරසයෙන් ආරක්ෂා වන්න තවත් තීරණ රැසක්

ඔලිම්පික් උළෙල අවසන් වන තුරු ටෝකියෝවට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ – වෛරසයෙන් ආරක්ෂා වන්න තවත් තීරණ රැසක්

මෙවර ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙල සෞඛ්‍යාරක්ෂිත්ව පැවැත්වීමට එරට රජය තීරණ රැසක් ගෙන තිබෙනවා.

ඒ අනුව කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ටෝකියෝ හි හදිසි තත්වයක් ක්‍රීඩා උළෙල පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අගමැති යොෂිහිඩ් සුගා පවසන්නේ එය ජූලි 12 සිට අගෝස්තු 22 දක්වා ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම එම කාල සීමාවේදී බාර් සහ අවන්හල්වලට මත්පැන් විකිනීමද තහනම් කර තිබෙනවා.

තවද ඔලිම්පික් උළෙල අතරතුර ටෝකියෝ සහ අගනුවර අසල වෙනත් ස්ථානවල රසිකයන් සමඟ උත්සව පැවැත්වීමට ඉඩ නොදේ.

ඔලිම්පික් අමාත්‍ය ටමායෝ මරුකාවා ඊයේ (08) නිලධාරීන් සහ සංවිධායකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කර ඇත.

Share This