

කොවිඩ් එන්නත්කරණය ගැන තායිලන්ත රජය ගත් තීරණය
තායිලන්තය තම එන්නත්කරණ ක්‍රමවේදය වෙනස් කිරීමට තීරණය ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ඔවුන් චීන සිනොවැක් එන්නත සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මිශ්‍රකර ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
මෙම තීරණය ගෙන ඇත්තේ සිනොවැක් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල පිරිසකට කොවිඩ් වෛරසය වැළඳී තිබීම හේතුවෙන්.
මෙහිදී සිනොවැක් මාත්‍රා දෙකක් වෙනුවට පළමු සිනොවැක් මාත්‍රාව ලබාගත් අය සඳහා දෙවැනි මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලබාදීම තායිලන්ත රජයේ තීරණයයි