ඉන්දියාවට මුල අමතක වෙයි – කොවිඩ් අවදානම නොතකමින් රට පුරා සංචාරය අරඹයි – IMO දැඩි කණස්සල්ලෙන්

ඉන්දියාවට මුල අමතක වෙයි – කොවිඩ් අවදානම නොතකමින් රට පුරා සංචාරය අරඹයි – IMO දැඩි කණස්සල්ලෙන්

ඉන්දියාවේ සංචාරක සීමාවන් ලිහිල් කර ඇති බැවින් තුන්වන කොවිඩ් රැල්ලක් ඇති වීම නොවැළැක්විය හැකි බවට ඉන්දියානු වෛද්‍යවරුන්ගේ සංගමය (IMO ) අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෑත දිනවල කොවිඩ් වසංගතය තරමක අඩුවීමත් සමග ඉන්දියානුවන් රට පුරා සංචාරය කිරීමට යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස සංචාරය කරන්නන් මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම බහුලව දක්නට ලැබෙන බවයි පැවසෙන්නේ.

කොරෝනා වසංගතයෙන් දැඩි පීඩාවකට මුහුණ දී ක්‍රමයෙන් එය පහව යමින් පැවති පසුබිමක එරට රජය සංචාරක සීමා ඉවත්කරමින් නැවතත් ජනතාවට එක්රැස් වීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියානු වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි කණස්සල්ලට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

Share This